
ජාතික ගමනාගමන කොමිෂන් පනත සංශෝධනය කිරීමට කෙටුම්පත් කරන ලද පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාෂණය ලැබී ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
එමෙන්ම ඔහු පවසා සිටියේ දැනට ජාතික ගමනාගමන කොමිෂන් සභාවට බස් ගාස්තු සම්බන්ධයෙන් පමණක් මැදිහත් විය හැකි නමුත් පාසල් වෑන් රථ, ත්‍රීරෝද රථ සහ වෙනත් වාහන සඳහාද නියාමනයක් සිදු කිරීමට හැකිවන පරිදි පනත සංශෝධනය කර ඇති බවයි.