/
/
title icon
දුම්රිය වර්ජනය අඛණ්ඩව - සේවය හැරගියා සේ සලකන බවට දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
දුම්රිය වර්ජනය අඛණ්ඩව - සේවය හැරගියා සේ සලකන බවට දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
Editor
7 months ago
Share:
දුම්රිය වර්ජනය අඛණ්ඩව - සේවය හැරගියා සේ සලකන බවට දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වර්ජනයේ නිරත සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සහ දුම්රිය පාලකවරුන්ට අවසන් නිවේදනයක් නිකුත් කර තිබුණා.

ඒ අනුව අද දහවල් 12ට අදාළ දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවයට වාර්තා කළ යුතු බව එම නිවේදනයේ දැක්වුණා.

එසේ නොකරන වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවය හැරගියා සේ සලකන බව වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. එස්. මුදලිගේ මහතා එමඟින් පවසනවා. 

ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කර තිබියදී මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇති බව ඔහු පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රකාශ කළේ සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required