/
/
title icon ලොව ජනප්‍රිය පාපන්දු ක්‍රීඩාවේ ඉතිහාසය
ලොව ජනප්‍රිය පාපන්දු ක්‍රීඩාවේ ඉතිහාසය
Presila Sandaruwani
3 months ago
Share:
ලොව ජනප්‍රිය පාපන්දු ක්‍රීඩාවේ ඉතිහාසය

ලොව බිලියන 05කට අධික ක්‍රීඩා ලෝලින්ගේ ආදරය දිනා ගත් පාපන්දු ක්‍රීඩාව, මේ වන විට ලතින් ඇමේරිකාව හා මැද පෙරදිග අප්‍රිකාව තුළ වැඩි ම ක්‍රීඩා ලෝලීන් සංඛාවක් වාර්තා කරනු ලබයි. 
පාපන්දු ක්‍රීඩාවේ නිජ බිම වන්නේ එංගලන්තයයි. පාපන්දු ක්‍රීඩාව ආශ්‍රිත ඓතිහාසික තොරතුරු පිරික්සා බලන කල්හි මෙම ක්‍රීඩාව නිල නොවන වශයෙන් ග්‍රාමීය ක්‍රීඩාවක් ලෙස පැවතී ඇති අතර වර්ෂ 1820 සිට පාසල්වල පාපන්දු ක්‍රීඩාවට සමාන ක්‍රීඩාවක් පැවති තිබූ අතර එය නිශ්චිත රීති රෙගුලාසි පද්ධතියකින් සමන්විත වී නොතිබුණි. ඒ අනුව වර්ෂ 1863 ඔක්තෝම්බර් 26 වන දින පාසල් කණ්ඩායම් දහයක් ලංඩනයේ ෆ්‍රීමේසන්ස් ටැවර්න් (Freemasons Tavern Landon) යන ස්ථානයට එක් වී මේ සඳහා නිශ්චිත නීතී රීතී පද්ධතියක් සකස් කර ඇති අතර පළමු නිල පාපන්දු තරඟය වර්ෂ 1863 දෙසැම්බර් 19 වන දින ලන්ඩන් නුවර මෝර්ට්ලේක්හි බාර්න්ස් කොමන් ක්‍රීඩාංගනයේ දී පවත්වා ඇත. පළමු ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩා තරංඟය පවත්වා ඇත්තේ වර්ෂ 1872 නොවැම්බර් 30 වන දින ය. ඒ එංගලන්තය හා ස්කොට්කන්තය අතර ය.
පාපන්දු ක්‍රීඩාව තරම් ම ජනප්‍රියතාවයක් FIFA ලෝක කුසලානයට ද පවති. FIFA (Federation Internationale de Football Association) සංවිධානය වර්ෂ 1904 මැයි 21 වන දින බෙල්ජියම, ඩෙන්මාකය, ප්‍රංශය, නෙදර්ලන්තය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය සහ ස්පාඤ්ඤය යන රටවල් හතක සහභාගීත්වයෙන් ආරම්භා වී ඇත. 

 

ප්‍රසිලා සඳරුවනි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required