
පාපන්දු ක්‍රීඩාව ලොව ජනප්‍රියත ම ක්‍රීඩාව ලෙස සැලකෙන අතර මෙම ක්‍රීඩාව පිරිමි හා කාන්තා භේදයකින් තොරව දෙපාර්ශ්වය ම ක්‍රීඩා කරනු ලබයි. මෙම ක්‍රීඩාව සම්බන්ධ නීති රීති හා ප්‍රතිපත්ති 1963 දී එංගලන්තයේ දී සැකසුණු නීති රීති මාලාවට අනුගතව සිදු වන අතර පාපන්දු ක්‍රීඩාව හා සම්බන්ධ සියලු ම කාර්යයන් පාලනය කරනු ලබන්නේ අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (FIFA) විසිනි.
ක්‍රීඩා පිටිය
සෘජුකෝණාස්රාකාර තණ පිටියක පාපන්දු ක්‍රීඩාව සිදු කරන අතර කණ්ඩායම් දෙකට අදාළ දිනුම් කණු (ගෝල්) දෙකක් තනපිටියේ දෙකෙළවර ස්ථානගත කර ඇත. ක්‍රීඩා පිටියේ ප්‍රමාණය ගත් කල පළල මීටර් 45ක් හා දිග මීටර් 90කි. දිනුම් කණු දෙක අතර පරතරය මීටර් 15ක් වෙයි. ප්‍රතිවාදී පිළට අයත් දිනුම් කණුව වෙත පන්දුව යොමු කිරීමෙන් තම පිළට ලකුණු රැස් කරගත හැකි ය.
කාලය
එක් තරඟයක් පැවැත්වෙන්නේ මිනිත්තු 90කි. මෙම කාලය මිනිත්තු 45 බැගින් වූ වාර දෙකකින් සිදු වන අතර විවේක කාලය වශයෙන් මිනිත්තු 15ක් හිමි වේ. වැඩි ගෝල සංඛ්‍යාවක් හිමි කරගන්නා පිළ ජය ගන්නා අතර තරඟය සම ලකුණු ගෙන අවසන් වුවහොත් බොහෝ විට අමතර කාලයක් ලබා දෙයි. මිනිත්තු 15 බැගින් වාර දෙකක් හා මිනිත්තු 5ක විවේක කාලයක් ඊට අයත්ය. නැතහොත් දඬුවම් පහරක් මගින් සිය ජයග්‍රහණය තහවුරු කර ගත හැකි අතර එසේත් නැතිනම් ජය-පරාජයෙන් තොර අවසානයක් ලෙස තරඟය නිමා කළ හැක.
නීති රීති
දැල් රකින්නාට පමණක් පන්දුව දෑතින් ස්පර්ශ කළ හැකි අතර අනෙක් ක්‍රීඩකයන්ට අවසර ඇත්තේ පාදයෙන් හෝ හිසෙන් හෝ ශරීරයේ උඩු කඳ කොටසෙන් හෝ පන්දුව මෙහෙයවීමට පමණි. දැල් රකින්නා හා කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන්ගේ ඇඳුමේ වර්ණය වෙනස් විය යුතුය. ඒ දැල් රකින්නා හඳුනා ගැනීමේ පහසුව මතය. ක්‍රීඩාවේ නීතිරීති කඩ කළ ක්‍රීඩකයන්ට රතු හෝ කහ කාඩ්පත් ලබා දෙන අතර රතු කාඩ් පත් හිමියන් තරගයෙන් ඉවත් කෙරේ. ඒ අනුව තරඟයේ ඉදිරියට ක්‍රීඩා කිරීමට අවසර ලැබෙනුයේ ක්‍රීඩකයන් දහයකින් යුත් කණ්ඩායමකටයි.
ප්රසිලා සඳරුවනි.