
ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ඔහුගේ අස්වීම භාරගත් බවයි.
එසේම ඔහු ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන බවද එම නිවේදනයෙහි දැක්වෙනවා.
"ක්‍රීඩකයෙක් වශයෙන් ශ්‍රී ලංකාවට කළ යුතු උපරිමයෙන් මම කරනවා. එසේම මගේ කණ්ඩායමට සහ නායකත්වයට උපරිම සහාය දක්වනවා..." යනුවෙන් ඔහු සිය ඉල්ලා අස්වීමේ නිවේදනය මගින් තවදුරටත් පවසනවා.