
රැකියා ලබාදීමේදී උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගය යොදා ගැනීමේ යෝජනාව සලකා බැලිය හැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා.
මෙවැනි යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් රැකියා ලබාදීමේදී පාරදෘෂ්‍යභාවයක් ඇතිවන බවයි ඔහු කියා සිටියේ.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රජයේ රැකියා ලබාදීමේදී උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගය යොදා ගැනීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව සිදුකරමින්.