
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව නීතිපතිවරයා ලෙස පාරින්ද රණසිංහ මහතාව අද පත්කරනු ලැබුවා.
ඡ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු ලෙස කටයුතු කළ ඔහුගේ පත්වීම සඳහා ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමැතිය ලබාදීමෙන් අනතුරුව මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.
නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය පසුගිය 26 වැනිදා අවසන් වීමත් සමඟ නීතිපති ධුරය පුරප්පාඩුව පැවතුණා.
පාරින්ද රණසිංහ මහතා මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වන කේ.ඒ.පාරින්ද රණසිංහ මහතාගේ පුත්‍රයෙකු වනවා.