
දුම්රිය ස්ථානාධිපති සංගමය ආරම්භ කළ වැඩවර්ජනය ඊයේ මැදියම් රැයේ සිට අත්හිටුවීමට පියවර ගනු ලැබුවා.
ඒ, ප්‍රවාහන බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
උසස් වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් පෙරේදා සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළ අතර, පසුව එය අඛණ්ඩ වර්ජනයක් දක්වා ගෙන ගියා.
ඒ, ඔවුන් සේවය අතහැර ගියා සේ සලකා ලිපි නිකුත් කළ පසුබිමකයි.
කෙසේ වෙතත්, බලධාරීන් සමග පැවති සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් වර්ජනය අත්හිටුවීමට පියවර ගනු ලැබුවා.
ඒ අනුව අද උදෑසන සිට දුම්රිය ගමන්වාර ප්‍රමාද සහිතව වූවත්, සිදුකෙරෙන අයුරු දැකගත හැකිවුණා.