
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගමන්ගත් මෝටර් රථය අනතුරකට ලක්වී තිබෙනවා.
මන්ත්‍රීවරයා මතුගම අද පැවති රැස්වීමකට යමින් සිටියදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ 82/1 කිලෝමීටර් කණුව ආසන්නයේදී මෙම සිද්ධියට මුහුණ දී ඇති බව සඳහන්.
ඩිලාන් පෙරේරා සමග ගමන්ගත් අයෙක් අනතුරෙන් තුවාල ලබා තිබෙනවා.
අධික වර්ෂාවත් සමග මෝටර් රථය ලිස්සා ගොස් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටීමෙන් අනතුර සිදුවී තිබුණා.