
අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම වත්මන් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් හට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ට්‍රම්ප් සහභාගී වූ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පැවති මැතිවරණ රැළියක් ඉලක්ක කර වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
වෙඩි ප්‍රහාර එල්ල වනවාත් සමගම ට්‍රම්ප් බිම දිගාවී තිබෙනවා.
කෙසේ වෙතත් එක් වෙඩි ප්‍රහාරයක් ට්‍රම්ප්ගේ දකුණු කනේ වැදුණු බව තමාට දැනුණු බවයි ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ.
ට්‍රම්ප්ගේ ආරක්ෂාවට සිටි නිළධාරීන් විසින් ඔහුව මැතිවරණ වේදිකාවෙන් ඉවත් කරන විටත් ඔහුගේ කන සහ මුහුණේ රුධිරය දක්නට ලැබී තිබෙනවා.
ට්‍රම්ප්ගේ කනට තුවාල සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.
වෙඩි තැබීම සිදුකළ සැකකරු ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරවලින් මියගොස් තිබෙනවා.