
බස්නාහිර පළාත තුළ හෙට සිට ත්‍රිරෝද රථ ගාස්තු අඩුකරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා.
එහි සභාපති ලලිත් ධර්මසේකර මහතා සඳහන් කළේ ඒ අනුව දෙවන කිලෝමීටරය සඳහා මෙතෙක් අය කළ රුපියල් 100ක මුදල රුපියල් 90 දක්වා අඩු කර ඇති බවයි.
කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලලිත් ධර්මසේකර මහතා මේ බව කියා සිටියා.