
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රිය බණ්ඩාරවෙල සහ හිල්ඔය දුම්රිය ස්ථන අතර අද පිලීපැනීමට ලක්වුණා.
එම දුම්රියේ එංජිමේ රෝදයක් හා මැදිරි දෙකක රෝද කිහිපයක් පිලී පැනිමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළා.
මේ හේතුවෙන් අද දින බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
උඩරට මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා වූ කොටසේ මෙම වර්ෂයේ දී දිගින් දිගටම පිලී පැනීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇතැයි වෘත්තීය සමිති පවසනවා.
මේ සම්බන්ධයෙන් කිසිදු දුම්රිය බලධාරියෙකුගේ හෝ වගකිවයුතු කිසිදු අයකුගේ අවධානය යොමු නොවීම කණගාටුවට කරුණක් බවද ඔවුන් තවදුරටත් පෙන්වා දෙනවා.