/
/
title icon
පියුමි හංසමාලීව අත්අඩංගුවට ගන්නේ නැහැ - නීතිපති අභියාචනාධිකරණයට දන්වයි
පියුමි හංසමාලීව අත්අඩංගුවට ගන්නේ නැහැ - නීතිපති අභියාචනාධිකරණයට දන්වයි
Editor
7 months ago
Share:
පියුමි හංසමාලීව අත්අඩංගුවට ගන්නේ නැහැ - නීතිපති අභියාචනාධිකරණයට දන්වයි

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කෙරෙන නිරූපණ ශිල්පිණියක වන පියුමි හංසමාලි ලබන සැප්තැම්බර් මස 20 වනදා දක්වා අත්අඩංගුවට ගැනීමක් නොකරන බවට අභියාචනාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් දැනුම් දී තිබෙනවා.

එහෙත් පියුමි හංසමාලිට එරෙහි විමර්ශන බාධාවකින් තොරව ඉදිරියට පවත්වාගෙන යා හැකි බවත් ඔවුන් අධිකරණයට දැනුම් දුන්නා.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පියුමි හංසමාලි විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ, විමර්ශන කටයුතු අවසන් වනතුරු පෙත්සම්කාරිය අත්අඩංගුවට ගැනීමක් නොකරන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required