/
/
title icon පොලිස්පති දේශබන්දු ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් 24 වැනිදා තීන්දුවක්
පොලිස්පති දේශබන්දු ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් 24 වැනිදා තීන්දුවක්
Editor
1 month ago
Share:
පොලිස්පති දේශබන්දු ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් 24 වැනිදා තීන්දුවක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්   විභාගයට ගැනීමට අවසර දෙනවා ද? නැද්ද යන නියෝගය ලබන 24 වනදා ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළා.

එමෙන්ම දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද? නැද්ද? යන නියෝගයත් එදින ප්‍රකාශයට පත් කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කර තිබෙනවා.

මෙම නියෝගය නිකුත් කෙරුණේ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required