
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 02ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.
ඔහු පුත්තලම වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී නියෝග කර ඇත්තේ ජුලි 22 වැනිදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.
අලි සබ්රි රහීම් අද උදෑසන පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුව පසුගියදා අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබීම හේතුවෙන්.
ඔහු අද කල්පිටිය පොලීසියට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.