
යාපනය සහ හම්බන්තොට ධීවර වරායන්වල සිට මුහුදු ගිය ධීවරයින් 6 දෙනෙකු රැගත් යාත්‍රා දෙකක් අතුරුදන් වී ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසනවා.
පසුගිය 7 වනදා ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය යාත්‍රා දෙකක් එලෙස අතුරුදන්ව ඇති බවට තොරතුරු ලැබී ඇති බව ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා කියා සිටියා.
යාපනය, පොයින්ට් පේදුරු ධීවර වරායෙන් පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍රාවේ ධීවරයින් සිව්දෙනෙකු සිට ඇති බව වාර්තා වනවා.
හම්බන්තොට ධීවර වරායෙන් පිටත්ව ගිය එක්දින ධීවර යාත්‍රාවේ ධිවරයින් දෙදෙනෙකු සිට ඇති බව ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.
අදාළ ධීවරයින් සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති අතර ඔවුන් සෙවීම සඳහා නාවික හමුදාව ඇතුළු සියලු පාර්ශ්ව දැනුවත් කර ඇති බවද සුසන්ත කහවත්ත මහතා කියා සිටියා.