
ජනමත විචාරණයකට තුඩු දෙන කිසිදු සංශෝධනයක් මේ අවස්ථාවේ ගෙන ඒමෙන් වළකින්නැයි ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව පැෆ්රල් සංවිධානය පවසයි.
රට ආර්ථික අර්බුදයකට මුහුණ දෙන අවස්ථාවේදී රුපියල් බිලියන දහයක මුදලක් වියදම් කර ජනමත විචාරණයක් පවත්වන්නේ නම් එය මූල්‍ය අපරාධයක් බවත් එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා.
මුදල් නොමැති බව පවසමින් පළාත් පාලන මැතිවරණය කල් දමා ඇති වකවානුවක ආණ්ඩුව ජනමත විචාරණයකට තුඩු දෙන සංශෝධන ඉදිරිපත් කිරීම පිළිගත නොහැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.
පළාත් පාලන මැතිවරණය මගහැර ඇති ආණ්ඩුව තමන්ගේ බලයේ පැවැත්ම වෙනුවෙන් ක්‍රියා කරන ආකාරය මෙමගින් නිරීක්ෂණය වන බවත් හෙට්ටිආරච්චි මහතා කියා සිටියා.