
බේකරි හිමියන් විසින් පාන් මිල අඩු නොකළහොත් පාන් සඳහා පාලන මිලක් හඳුන්වාදෙන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍යවරයා අද කියා සිටියේ බේකරි හිමියන් විසින් ඉදිරි දින දෙක තුළ පාන් මිල අඩු නොකළහොත් එම පාලන මිල හඳුන්වා දෙන බවයි.
වෙළෙඳපොලේ විවිධ මිල ගණන්වලට පාන් අලෙවි කිරීම මේ වනවිට දක්නට ලැබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.