
වෙඩි ප්‍රහාරයකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගායන ශිල්පිණී කේ.සුජීවා මහත්මිය රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
පසුගිය 08 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි ප්‍රහාරයකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු මියගියා.
එහිදී ගායන ශිල්පිණී කේ. සුජීවා ඇතුළු සිව්දෙනෙකු තුවාල ලැබු අතර ඔවුන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට සහ කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.
එහිදී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කේ. සූජීවාට සැත්කම් කිහිපයක් සිදු කෙරුණු අතර, අනතුරුව මුදල් ගෙවා ප්‍රතිකාර කිරීම් සිදුකරනු ලබන වාට්ටුවක ඇය ප්‍රතිකාර ලැබුවා.
කෙසේ වෙතත්, මේ වන විට ඇය රෝහලෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.