
ඉදිරි ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් ඒ බව නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
වසර 76ක කාලයක් රට පාලනය කළ අකාර්යක්ෂම දේශපාලන කණ්ඩායම් විසින් රට බංකොළොත්භාවයට කර ඇති බවයි සරත් ෆොන්සේකා මහතා පවසන්නේ.
ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙන යාමට නම් දූෂණය නතර කළ යුතු බව ඔහු තැබූ සටහනේ තවදුරටත් සඳහන්.