
පුහුණුවීම් අතරතුර පන්දු රැකීමේ දී ඇඟිල්ලක් ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර ඉන්දීය තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත්තේ ඔහුගේ ඇඟිල්ලේ අස්ථී බිඳීමක් සිදුව ඇති බවයි.
ඒ හේතුවෙන් නුවන් තුෂාර වෙනුවට ඩිල්ෂාන් මධුශංක සංචිතයට එක්වනු ඇති.
එක්දින තරග 3කට සහ 20යි විස්ස තරග 3කට සහභාගී වීම සඳහා ඉන්දීය කණ්ඩායම මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා.