
ජනාධිපතිවරණය සඳහා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ප්‍රධාන පාර්ශ්වකරුවෙකු වන ඉලංකෙයි තමිල් අරසු කච්චි අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව අද ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, ප්‍රධාන අපේක්ෂකයන් සමඟ ඉදිරියේදී සාකච්ඡා කරන බවයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේ.
දෙමළ ජාතික සන්ධානය උතුරේ සහ නැගෙනහිර පළාත්වල වැඩි ඡන්ද සංඛ්‍යාවකට හිමිකම් කියන අතර, ජනාධිපතිවරණයේදී ඔවුන් ප්‍රබල සාධකයක් වනු ඇති.