
වොලිබෝල් ක්‍රීඩාවේ ඉතිහාසය වර්ෂ 1895 දක්වා දිව යන්නක්. ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් (Massachusetts) හි දි ඇරඹී මෙම ක්‍රීඩාවේ නිර්මාතෘවරයා වන්නේ තරුණ පිරිමි ක්‍රිස්තියානි සංගමයේ අධ්‍යක්ෂක විලියම් ජී. මෝගල් මහතා (William G. Morgan) ය. වොලිබෝල් ක්‍රීඩාව පළමුව හඳුන්වා ඇත්තේ මින්ටොනෙට් (Mintonette) යන නමිනි. ප්‍රථම වොලි බෝල් තරඟය 1896 දී පුහුණු පාසල විසින් පවත්වා ඇත. එලෙස ම ක්‍රීඩාව පිළිබඳ නීතී රීති ඇතුළත් පොතක් 1900 දශකයේ මුල් භාගයේ දි එළිදක්වා ඇත.
ක්‍රීඩාපිටිය
මීටර් 18ක් දිග හා මීටර් 9ක් පළල ඍකෝණාස්‍රාකාර ක්‍රීඩා පිටියක වොලි බෝල් ක්‍රීඩාව සඳහා යොදා ගැනෙයි. මීටරයක් පමණ පළලැති දැලක් ක්‍රීඩා පිටිය සමානව බෙදෙන සේ, මීටර් 2.5ක පමණ උස ඇති කණු දෙකක බැඳිය යුතු ය.
තරඟනීතී රීති
වරකට කණ්ඩායම් දෙකක් තරඟ වදින අතර එක් කණ්ඩායමක සමාජිකයන් 6ක් සිටිය යුතුය. ශරීරයේ ඕනෑ ම කොටසකින් පන්දුවට පහර දිය හැකි අතර පන්දුව දැලට උඩින් විරුද්ධ පිළ වෙත යැවීම සිදු කරයි. එක් පිළකින් සිදු වන ඕනෑ ම වරදකට විරුද්ධ පිළට පිරිනැමීමේ අවස්ථාව ද සමඟ ලකුණක් ද හිමි වේ.
වර්ෂ 1928 දී එක්සත් ජනපද වොලිබෝල් සංගමය (USVBA) පිහිටුවා ඇති අතර එක්සත් ජනපදයේ වොලි බෝල් පාලන ආයතනය ලෙස මෙය පැවතිණි. වොලිබෝල් ක්‍රීඩාව ලොව පුරා, විශේෂයෙන් යුරෝපය තුළ ප්‍රචලිත වූයෙ පළමු ලෝක සංග්‍රාම සමයේ ඇමරිකානු හමුදාවන් මගිනි. ජාත්‍යන්තර වොලි බෝල් තරඟාවලියක් වර්ෂ 1913 දි මැනිලා නුවර පවත්වා ඇති අතර වර්ෂ 1964 දී ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දි වොලි බෝල්ක්‍රීඩාව පිරිමි හා කාන්තා යන දෙයංශයෙන් ම ඔලිම්පික් ක්‍රීඩාවක් බවට පත් විය.
ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව අප රටට හඳුන්වා දෙනු ලැබුවේ වර්ෂ 1916 දී ඇමරිකානු ජාතික රොබට් වෝල්ටර් මහතා විසිනි. මෙය ජාතික ක්‍රීඩාව ලෙස නම් කරනු ලැබුවේ 1991 දී ය.
වර්තමානයේ ලෝ වැසියන් මිලියන 800ක පමණ පිරිසක් බෝල් ක්‍රීඩාවේ යෙදෙන අතර ඇමරිකානුවන් පමණක් මිලියන 46කට අධික සංඛාවක් මෙම ක්‍රීඩාවේ යෙදෙති.
ප්‍රසිලා සඳරුවනි.