
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සංවිධාන කර තිබූ රැලියට අමාත්‍යවරුන් වන ටිරාන් අලස්, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, මනුෂ නානායක්කාර, රාජ්‍ය අමාත්‍යවරුන් වන චාමර සම්පත් දසනායක, ගීතා කුමාරසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියා
ගාල්ලේදී "එක්ව ජයගමු" යන මැයෙන් මෙම ජන රැලිය සංවිධානය කර තිබුණා.
මීට අමතරව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, හිටපු පුරපතිනී රෝසි සේනානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, වජිර අබේවර්ධන සහ සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා ද එම ජනරැළියට එක්ව සිටියා.
එම රැලියේදී තමා ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.
මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ඊට අදාළව තමන් ඊයේ දිනයේදී ඇප මුදල් තැන්පත් කිරීමටද පියවර ගත් බවයි.