
වතු සේවකයින්ගේ දෛනික වැටුප වැඩි කිරීමට අදාළව නිකුත් කර තිබු ගැසට් පත්‍රය අවලංගු කිරිමට එරෙහිව හැටන් නගරයේ උද්ඝෝෂණයක් පැවැත්වුණා.
මෙය දෙමළ ප්‍රගතිශිලි සන්ධානය විසින් සංවිධාන කර තිබුණා.
මේ සඳහා වතු කම්කරුවන් විශාල පිරිසක් එක් වූ අතර ප්‍රදේශයේ වෙළඳසැල් හා රථවාහනවල කළු කොඩි ඔසවා ඇති අයුරු දක්නට ලැබුණා.
උද්ඝෝෂණයට එක්වෙමින් අදහස් දැක් වු දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරම් කියා සිටියේ වතු කම්කරු වැටුප වැඩිකළ ගැසට් නිවේදනය අවලංගු කිරීම හරහා, රජය වතුසේවක ප්‍රජාව මුලා කර ඇති බවයි.