
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද සමත් වුණා.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම ශූරතාවය දිනා ගැනීමට සමත්වූයේ පළමු වරට වීමත් විශේෂත්වයක්.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 165ක් ලබාගත්තා.
ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 4කදී කඩුළු 2ක් පමණක් දැවී තිබියදී ලකුණු 167ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අතපත්තු පන්දු 43කදී ලකුණු 61ක් ලබා ගත් අතර ජයග්‍රහණයේ නියමුවා වූ හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 69ක් රැස් කර ගත්තා.
ඇයට අනගි සහයක් දුන් කවීෂා දිල්හාරි නොදැවී ලකුණු 30යි.
මේ අතර, පළමු වරට ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය දිනූ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් එක් කළා.
ඊට අමතරව ඔවුන්ට අමෙරිකානු ඩොලර් ලක්ෂයක අමතර ත්‍යාගයක් ලබාදීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.