/
/
title icon
දෙවැනි විස්සයි විස්සත් ඉන්දියාව ජය ගනී - ශ්‍රී ලංකාව තරගාවලියත් පරාජයට පත්වෙයි
දෙවැනි විස්සයි විස්සත් ඉන්දියාව ජය ගනී - ශ්‍රී ලංකාව තරගාවලියත් පරාජයට පත්වෙයි
Editor
7 months ago
Share:
දෙවැනි විස්සයි විස්සත් ඉන්දියාව ජය ගනී - ශ්‍රී ලංකාව තරගාවලියත් පරාජයට පත්වෙයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවැනි විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ කඩුළු 07කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින්.

වර්ෂාව හේතුවෙන් පළමු ඉනිමෙන් අනතුරුව තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ක්‍රීඩා කළා.

ඒ අනුව තරගය ජය ගැනීමට ඉන්දියාවට ලැබුණු ඉලක්කය පන්දුවාර 08ක දී ලකුණු 78ක්.

එහිදී පන්දුවාර 06යි පන්දු 03කදී කඩුළු 03ක් දැවී ලකුණු 81ක් ලබා ගනිමින් තරගය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.

ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලියේ ජය තරගයක් ඉතිරිව තිබියදීම ඉන්දීය කණ්ඩායමට හිමිවුණා.

තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දීය කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයී.

ඒ අනුව පළමු‍වෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 161ක් ලබා ගත්තා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required