
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ අද පස්වරුවේ පැවති දේශපාලන මණ්ඩල රැස්වීමෙන් අනතුරුවයි.
පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා කියා සිටියේ, මෙම තීරණයට විරුද්ධ අය සිටී නම් හෝ පක්ෂයේ අනුමැතියෙන් තොරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් වහාම එම පුද්ගලයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බවයි.
තම පක්ෂය තුළින්ම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බැවින් වත්මන් ජනාධිපතිවරයාට සහාය දැක්වීමට හැකියාවක් නොමැති බවද මෙහිදී සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ඊට අමතරව පොදුජන පෙරමුණේ ජනපති ධුර අපේක්ෂකයා ඉදිරි සතිය තුළදී ප්‍රකාශ කරන බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.