
හෙට පැවැත්වෙන තරගයේදී ක්‍රීඩකයන්ට මානසිකව ලබාදිය හැකි සහයෝගය උපරිමයෙන් ලබාදෙන ලෙස සනත් ජයසූරිය මහතා ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලංකා හා ඉන්දියාව අතර හෙට ආරම්භ වන තරග 03කින් යුත් එක්දින තරගාවලිය පිළිබඳ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව කියා සිටියා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙසින් කටයුතු කරන සනත් ජයසූරිය මහතා වැඩිදුරටත් පවසා සිටියේ, මේ වනවිට ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් 06 දෙනෙකු ආබාධවලට ලක්ව සිටින බවයි.