
හුණුපිටිය ගංඟාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමි අපවත් වී තිබෙනවා.
කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ අද උදෑසන ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණා.
ඉන් අනතුරුවයි උන්වහන්සේ අපවත් වී ඇත්තේ.
දශක ගණනාවක් ශාසනික උන්නතියට සහ සමාජ මෙහෙවර වෙනුවෙන් දායක වූ උන්වහන්සේ අපවත් වනවිට 81 වැනි වියේ පසුවුණා.