/
/
title icon
ලකුණු සම වී පළමු එක්දින තරගය ජය පැරදුමෙන් තොරව නිමවෙයි
ලකුණු සම වී පළමු එක්දින තරගය ජය පැරදුමෙන් තොරව නිමවෙයි
Editor
4 months ago
Share:
ලකුණු සම වී පළමු එක්දින තරගය ජය පැරදුමෙන් තොරව නිමවෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු සමවීම හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් වුණා. 

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේදී කඩුළු 08කට ලකුණු 230ක් ලබා ගත්තා. 

පැතුම් නිශ්ශංක ලකුණු 56ක් රැස්කළ අතර සිය එක්දින දිවියේ මංගල අර්ධ ශතකය වාර්තා කළ දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 67ක් රැස්කළා. 

ලකුණු 231ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඉන්දීය ආරම්භක පිතිකරුවන් යුගල පළමු කඩුල්ලට ලකුණු 75ක සබඳතාවක් ගොඩනැගුවා. 

අනතුරුව ලකුණු 12ක් තුළ නායක රෝහිත් ෂර්මා, ශුබ්මන් ගිල් සහ වොෂිංග්ටන් සුන්දර් දවා ගනිමින් දුනිත් වෙල්ලාලගේ සහ අකිල ධනංජය ඉන්දීය පිලට පීඩනයක් එල්ල කළ අතර, වනිඳු හසරංග විසින් විරාත් කෝලිව සහ අසිත ප්‍රනාන්දු ශ්‍රේයස් අයියර්ව දවා ගත්තද ශ්‍රී ලංකා ජයග්‍රහණයට එය ප්‍රමාණවත් වුයේ නැහැ.

ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් එක් ලකුණක් ලබාගැනීමට තිබිය දී චරිත් අසලංකගේ පන්දු යැවීම හමුවේ පිට පිට කඩුළු දෙකක් බිඳ හෙළීම නිසාවෙන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required