
සමගි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරග කළ, හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
ඔහු මේ කියා සිටියේ බිබිල නගරයේ පැවති ජන හමුවකදීයි.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරනවා දැකීම තම පෞද්ගලික සතුට බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ පොදුජන පෙරමුණෙ පළාත් පාලන නියෝජිතයින් සමග අම්පාරේ පැවති සාකච්ඡාවකදීයී.
එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙවර ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණට ජයග්‍රහණය කිරීමට නොහැකි බවයි.