එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රිඩකයින් සිය උපරිමය කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ජාතික කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු සනත් ජයසූරිය පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, අද උදෑසන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමග එංගලන්තය බලායෑමට කටුනායක ගුවන්තොටුපොළ බලා පිටත්වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මෙහිදී ක්‍රීඩා ප්‍රේක්ෂකයින්ගෙන් ජයසූරිය ඉල්ලා සිටියේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට උපරිම සහාය ලබාදෙන ලෙසටයි.
තාවකාලික පුහුණුකරු ලෙස එංගලන්ත තරගාවලිය තමාගේ අවසාන සංචාරය බවත් එම තරගාවලිය උපරිම හොඳින් අවසන් කිරීම තම බලාපොරොත්තුව බවත් ඔහු සඳහන් කළා.
මෙම ටෙස්ට් තරගාවලිය සඳහා 18 ක්‍රීඩකයින් දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් පසුගියදා නම්කරනු ලැබුවා.
ධනංජය ද සිල්වා එහි නායකත්වය දරන අතර, මේ වනවිට ක්‍රීඩකයින් 7 දෙනෙක් පූර්ව පුහුණුවීම් කටයුතු සඳහා එංගලන්තය වෙත ගොස් සිටිනවා.
නායක ධනංජය ද සිල්වා, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, කසුන් රාජිත ඇතුළු ක්‍රීඩකයින් 7 දෙනෙක් එලෙස එංගලන්තයට ගොස් සිටින බව වාර්තා වනවා.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරගාාලිය තරග තුනකින්ව සමන්විතයි.
එහි පළමු තරගය අගෝස්තු 21 වනදා මැන්චෙස්ටර් හිදී ආරම්භවන අතර දෙවැනි ටෙස්ට් තරගය අගෝස්තු 29 වනදා ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව තිබෙනවා.