
මේ වන විට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් තිස් දෙදෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසන්නේ, පිළිගත් දේශපාලන පක්ෂ 16ක අපේක්ෂකයින් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.
වෙනත් දේශපාලන පක්ෂයක සහ ස්වාධීන අපේක්ෂකයින් 15 දෙනෙකු ඇප තැන්පත් කළ අය අතර වනවා.
එසේම, අද දිනයේදී හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් ඔහුගේ නියෝජිතයින් ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.