
වතු සේවකයින්ගේ දෛනික වැටුප ලෙස රුපියල් 1,700ක් ලබාදීමේ තීරණය අද පඩිපාලක සභාවේදී සම්මත වී තිබෙනවා.
වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් එහිදී ඡන්ද විමසීමක් ද පවත්වා ඇතැයි වාර්තා වනවා.
ජල සම්පාදන හා වැවිලි යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසුවේ, වැටුප් වැඩි කිරීමට පක්ෂව වතු සමාගම් 14ක් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, වතු සමාගම් 03ක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි.
ඒ අනුව වතු සේවකයින් සඳහා දෛනික මූලික වැටුප ලෙස රුපියල් 1,350ක් සහ පැමිණීමේ ප්‍රවර්ධන විශේෂ දීමනාව ලෙස රුපියල් 350ක් ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබෙනවා.