/
/
title icon
රාවණා රජ සමයෙත් ක්‍රීඩා කළ චෙස්
රාවණා රජ සමයෙත් ක්‍රීඩා කළ චෙස්
Presila Sandaruwani
5 months ago
Share:
රාවණා රජ සමයෙත් ක්‍රීඩා කළ චෙස්

වසර 1500කට වඩා පැරණි චතුරංග ක්‍රීඩාව හෙවත් චෙස් ක්‍රීඩාව යුධ සේනා දෙකක් අතර කෙරෙන යුද්ධයක් බඳු වේ. යුධ පිටිය වන්නේ චෙස් පුවරුවයි. සේනාව වන්නේ ඉත්තන් ය. නීති රීතිවලට අනුව ආරම්භයේ දී දෙපිළට ම සමාන ඉත්තන් සංඛ්‍යාවක් හිමි වන අතර ප්‍රතිවාදි රජු යටත් කර ගැනීම ක්‍රීඩාවේ අරමුණ වේ.

ඉතිහාසය

චෙස් ක්‍රීඩාවේ ඉතිහාසය වසර දස දහස් ගණනක් ඈත අතීතයට දිව යයි. යටත් විජිත සමයත් සමඟ මෙම ක්‍රීඩාව ඉන්දියාව හරහා ලංකාවට ලැබුණ බව විශ්වාස කළ ද ජනප්‍රවාදවලට අනුව රාවණා රජ සමයේ මන්දෝදරි කුමරිය තම විවේක කාලය ගත කිරීම සඳහා මෙම ක්‍රීඩාව සිදු කළ බව කිය වේ. ඉන්දියාවට මෙම ක්‍රීඩාව හිමි වූයේ ඇය එහි සංචාරය කළ අවස්ථාවක බව ද විශ්වාස කෙරේ. ඒ එක් ජනප්‍රවාදයකි. අනෙක් විශ්වාසයට අනුව චෙස් ක්‍රීඩාවේ ආරම්භය ඉන්දියාවෙන් සනිටුහන් වේ. එනම් ඉන්දියාව පාලනය කළ රජතුමෙකුට ගෞ හා ටකාන් නමින් පුත්  කුමරුවන් දෙදෙනෙකු සිට ඇති අතර පියාගේ අභාවයෙන් පසුව රාජ්‍ය පාලනය එක් කුමරුවකුට ලබා දීමට අවැසි විය. ඒ සඳහා මව් රැජිනිය කුමාරවරු දෙදෙනා අතර කුඩා යුද්ධයක් පැවැත්වීමට තීරණය කළ අතර එහි එක ම කොන්දේසිය වූයේ ලේ සෙලවීමක් ඔවුන් අතර සිදු නොවිය යුතු බවයි. නමුත් යුද්ධය අතර තුර ටකාන් කුමරු කොටු වූ අතර ඔහු තමා පරාජය හමුවේ සිය දිවි නසා ගෙන ඇත. මේ පිළිබඳව මව් බිසවට සැල කළ ද ඇය මෙම කරුණ පිළිනොගත් නිසා ගෞ කුමාරයා එය පුවරුවක ඇඳ කුඩා පිළිම නිර්මාණය කර වර්ණ යොදා පෙන්වා දී ඇති අතර එතැන් සිට මෙය ක්‍රීඩාවක් ලෙස විකාශය වූ බව කිය වේ. 

අතීතයේ මෙය චතුරංග ක්‍රීඩාව ලෙස හඳුන්වා ඇත්තේ චතුරංගනී යුධ සේනාව අර්ථවත් කරමිනි. එනම්,

  • ඇත් - බිෂොප් (Bishop)
  • අස් - නයිට් (Knight)
  • රිය - රුක් (Rook)
  • පාබල - පෝන් (Pawn) 

මීට අමතරව 

  • අමාත්‍ය - කුයින් (Queen)
  • රජු - කින්ග් (King)            ලෙසයි. 

චෙස් ක්‍රීඩාව ගැන ලිඛිත සාක්ෂි හමු වන්නේ ක්‍රි.පූ. 5 වන සියවසේ දී ය. ඒ ඉන්දියාවේ රජ කළ රජතුමෙකු සූදු ක්‍රීඩාවට දරුණු ලෙස ඇබ්බැහි වී සිට ඇති අතර ඉන් මිදීමට වෙනත් ක්‍රීඩාවක් හඳුන්වා දීමට සමත් අයෙකු සොයා රට පුරා පණිවිඩ යවා ඇත. එහි දී සාශා නම් දාර්ශනිකයා මේ සඳහා ඉදිරිපත් වී මෙම චතුරංග ක්‍රීඩාව හඳුන්වා දී ඇති බව පැවසෙයි. ඉන් අනතුරුව වෙළඳාම හරහා මැද පෙරදිගටත් එතැනින් යුරෝපයටත් චෙස් ක්‍රීඩාව ව්‍යාප්ත විය. 13 හා 16 සියවස්වල දී නීතී රීති සමගින් විකාශය වී ඇති අතර 20 වන සියවස වන විට පොදු ජනතාව අතර මෙන් ම ජත්‍යන්තරව ද මෙම ක්‍රීඩාව අතිශය ජනප්‍රියත්වයට පත් විය. ඒ අනුව 1924 ජූලි 20 වන දින ලෝකයේ සියලු ම චෙස් සංගම් එක් රැස් ව ලෝක චෙස් සම්මේලනය ආරම්භ කරන ලදි. 

චෙස් පුවරුව

චෙස් පුවරුව අඟල් 18ක දිගකින් හා පළලකින් සමන්විත සමචතුරස්‍රාකාර ලී හෝ ඝන කාඩ්බෝඩ් හෝ රෙක්සීන් ශීට් එකක් වේ. එය ඇතුළත සමචතුරස්‍රාකාර කොටු 64ක් පවතින අතර ඒවා සුදු හා කොළ පාට හෝ සුදු හා කළු පාට හෝ සුදු හා දුඹුරු පාට හෝ විය යුතු ය.චෙස් පුවරුවේ සිටින සම්පූර්ණ ඉත්තන් වර්ග 6ක් වන අතර ඉත්තන් ගණන 32කි. ඒ සුදු ඉත්තන් 16ක් හා කළු ඉත්තන් 16ක් වශයෙනි. ඉත්තන් වර්ග 6 වන්නේ හා ය.

නීති රීති (මූලික) 

ක්‍රීඩකයෙකු තම වාරයේ දී තමාගේ ඉත්තකු ඇල්ලූ විට එම ඉත්තා ඇදිය යුතු ය. ප්‍රතිවාදි ඉත්තෙකු ඇල්ලූ විට එම ඉත්තා කපා ගත යුතු ම ය. ඇදීමක් කළ පසු එය වහා වෙනස් කළ නොහැක. ප්‍රතිවාදියාගේ අවස්ථවෙන් පසු ඒ සඳහා ඉඩ ලැබේ. පුවරුවේ ඉත්තන් සැකසිය යුත්තේ ද ප්‍රතිවාදියාගේ අවසර ඇතිව ය. ඉත්තන්ගේ ආවේණික ගමන් මාර්ග කිසි විටෙක වෙනස් කළ නොහැකි අතර තරඟයක දී වෙනත් පාර්ශවයකින් උපකාර පැතිය නොහැක. තරඟය ජය පරාජයකින් තොරව අවසන් වන අවස්ථා ද ඇත. 

ප්‍රසිලා සඳරුවනි
 

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required