සමාජ මාධ්‍ය භාවිත කරන ඕනෑම පුද්ගලයකුට මේ වන විටත් කෘතිම බුද්ධිය හරහා නිර්මාණය කරන ලද විවිධාකාරයේ නිර්මාණ දැකගත හැකිවෙයි. බොහෝ දෙනකුගේ මතය වනුයේ මෙම AI තාක්ෂණය මෑත කාලයේ කරළියට පැමිණි බවයි. නමුදු මෙහි ඉතිහාසය සලකන විට 1956 තරම් අතීතයට දිව යයි. මෙහි පුරෝගාමියා ලෙස සැලකෙනුයේ ඇමරිකානු ජාතික ගණිතඥයෙකු සහ විද්‍යාඥයකු වන John McCarthy ය.
මෙම කාලවකවානුවෙන් පසුව ඇරඹි පුනරුදයත් සමග මේ හා සම්බන්ධ විවිධ නිර්මාණ බිහිකිරීමට පර්යේෂකයින් කටයුතු කර ඇත.එලෙස පැමිණි AI තාක්ෂණය වර්තමානය වන විට දියුණු මට්ටමකට පැමිණ ඇති බව නොරහසකි. මේ වන විට පවතින නිපැයුම්වල සිට ආයතනික හෝ වේවා වෙනත් විවිධ මට්ටමේ දත්ත ආරක්ෂා කිරීම සඳහා මෙම කෘතිම බුද්ධිය භාවිතයට ගනියි. එමෙන්ම අන්තර්ජාලය හරහා සිදුවන සයිබර් අපරාධ වැළැක්වීම සඳහාද මෙකී කෘතීම බුද්ධිය භාවිතයට ගනු සුලභව දක්නට ලැබෙයි.එමෙන්ම වර්තමානය වන විට වඩාත් ජනප්‍රිය virtual assistant පහසුකම යනාදිය ද කෘතිම බුද්ධිය මූලික කරගත් නිර්මාණ වේ.
වර්තමානය වන විට ලොව තුළ සියල්ලම පාහේ ඩිජිටල් යුගයකට පෙරමං තනයි. මේ සඳහා කෘතිම බුද්ධිය සුවිසල් මෙහෙවරක් ඉටුකරමින් සිටයි.
සසිනි කාවින්දි.