/
/
title icon සාම්ප්‍රදායිකත්වය විදහාපාන චීන අලුත් අවුරුද්ද
සාම්ප්‍රදායිකත්වය විදහාපාන චීන අලුත් අවුරුද්ද
Kavindi Yaggahavita
2 months ago
Share:
සාම්ප්‍රදායිකත්වය  විදහාපාන චීන අලුත් අවුරුද්ද

ලොව පුරා චීන සංස්කෘතියේ වැදගත් නිවාඩු දිනය චීන අලුත් අවුරුද්දයි. මෙය වසන්ත උත්සවය හෝ චන්ද්‍ර අලුත් අවුරුද්ද  ලෙසද හඳුන්වනු ලබන අතර චන්ද්‍රයාගේ නව අවුරුද්ද හෙවත් " Lunar New Year" නමින් හැඳින්වෙන චීන ජාතිකයින්ගේ අලුත් අවුරුද්ද වඩාත්ම ජනප්‍රිය වන්නේ වසන්ත ඍතු උළෙල ලෙසයි. දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන දින දර්ශකයේ ශීත ඍතුවේ අවසාන සහ වසන්තයේ ආරම්භය සනිටුහන් කරයි. මෙකී උත්සවයේ පුරාණ මූලයන් චීනයේ කෘෂිකාර්මික සමාජය තුළ දක්නට ඇති අතර එය අස්වැන්න සැමරීමේ කාලයක්ද විය.

පුරාවෘත්තයන්ට අනුව යමින් ගත් කල මෙම උත්සවය ආරම්භ වනුයේ ශීත ඍතුවේ අවසානයේ ගම්බිම් භීතියට පත් කරන "නියාන්" නම් මිථ්‍යා මුග්‍රයාට එරෙහිව සටන් කිරීමෙනි. නියාන් විශාල ඝෝෂාවන්ට බිහිවන බවත් රතු වර්ණයට බිය වන බවත් උත්සවය අතරතුර රතිඤ්ඤා සහ රතු සැරසිලි භාවිත කිරීමට හේතුව එය වූ බවත් චීන පුරාවෘත්තයන්හි සඳහන් වෙයි. සාම්ප්‍රදායිකව අලුත් අවුරුදු රාත්‍රියේ නැවත එක්වීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා පවුලේ සැවොම එකට එකතු වෙයි. සෑම වසරකම රාශි චක්‍රයේ සතුන් දොලහෙන් එකක් සමග සම්බන්ධ වන අතර උත්සව තුළ මකර සහ සිංහ නැටුම්, ගිනිකෙළි ඇතුළු විවිධ සංස්කෘතික සංදර්ශන ඇතුළත් වෙයි. චන්ද්‍ර අලුත් අවුරුද්ද විශාල සංස්කෘතික වැදගත්කමක් දරන අතරම පවුල, වාසනාව යනාදිය අවධාරණය කරයි. 

අලුත් අවුරුද්ද සනිටුහන් කරමින් මෙම කාල පරිච්ඡේදය තුළ  චීන ජාතකයින් රතු පහන් කුඩු දැල්වීම, ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම, දැවැන්ත භෝජන සංග්‍රහ සහ පෙළපාළි පැවැත්වීමේ යනාදිය සිදු කරයි. බටහිර රටවල නත්තල, ශ්‍රී ලංකාවාසී අපගේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද මෙන් පවුලේ සැවොම සමඟ එකට සිට කතාබස් කරමින්, පවුලේ සැවොම එක්ව රසබර ආහාර පාන භුක්ති විඳීමින් කාලය ගත කරයි.

චන්ද්‍ර අලුත් අවුරුද්ද ළඟාවෙමින් පවතින විට සියලුම වීදි සහ මං තීරු විචිත්‍රවත් රතු පහන් සහ වර්ණවත් විදුලි පහන් වලින් සැරසීම සිදුකරයි. එමෙන්ම නිවාස සහ කාර්යාල වැනි දේ තුළ විවිධ රතු වර්ණයෙන් යුත් සැරසිලි වලින් අලංකාර වන අතරම  විශාල ව්‍යාපාරික ස්ථාන සරුසාර බව විදහා දක්වන පින්තූරවලින් අලංකාර කිරීම සිරිතකි. මෙම අලුත් අවුරුදු සමයෙහි අවසානය සනිටුහන් කරන්නේ පහන් කූඩු උළෙලෙනි. එය අප රටේ වෙසක් උත්සවය සැමරීම සිහිගන්වයි.

චීන අලුත් අවුරුද්ද යනු ගැඹුරු සංස්කෘතික වැදගත්කමක් ඇති විචිත්‍රවත් සැමරුමකි. එය පවුල, සම්ප්‍රදාය සමග බද්ධ වී ඇති අතර මෙහි චාරිත්‍ර වාරිත්‍ර, සංකේත යනාදිය වැළඳ ගැනීම තුළින් චීන සංස්කෘතියේ පොහොසත්කම අගය කළ හැකිය.

සසිනි කාවින්දි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required