2024 ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීම මැතිවරණ කොමිෂන් සභා කාර්යාල ශ්‍රවණාගාරයේදී අද සිදු කෙරුණා.
මැතිවරණ කොමිසම පැවසුවේ ජනාධිපතිවරණයට අදාළව ඇප තැබු අපේක්ෂකයින් 40 දෙනා අතුරින් 39 දෙනෙකු නාමයෝජනා භාරදුන් බවයි.
ඇප තැබූ සරත් කුමාර ගුණරත්න මහතා නාමයෝජනා භාර දුන්නේ නැහැ.
නාමයෝජනා භාරගැනීම උදෑසන 9ට ආරම්භ කළ අතර එම කටයුතු උදෑසන 11ට අවසන් කෙරුණා.
ඒ අනුව 2024 ජනාධිපතිවරණය සඳහා අද නාමයෝජනා භාරදුන් අපේක්ෂයන් 39 දෙනාගේම නාමයෝජනා පිළිගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කරනු ලැබුවා.
එලෙස කොමිසම පිළිගත් ජනාධිපති ධුර අපේක්ෂකයින් වන්නේ,
01. දිලිත් සුසන්ත ජයවීර
02. සරත් මනමේන්ද්‍ර
03. අබුබකර් මොහොමඩ් ඉන්ෆාස්
04. ඒ. එස්. පී. ලියනගේ
05. පානි විජේසිරිවර්ධන
06. ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංහ
07. අජන්ත ද සොයිසා
08. බත්තරමුල්ලේ සීරලතන හිමි
09. සරත් ෆොන්සේකා
10. නුවන් සංජීව බෝපගේ
11. හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත්
12. ජනක ප්‍රියන්ත කුමාර රත්නායක
13. කේ.කේ. පියදාස
14. මයිලවාගනම් තිලකරාජා
15. සිරිපාල අමරසිංහ
16. පාක්‍යසෙල්වම් අරියනේත්‍රන්
17. සරත් කීර්තිරත්න
18. කේ. ආනන්ද කුලරත්න
19. නාමල් රාජපක්ෂ
20. අක්මීමන දයාරතන හිමි
21. කේ.ආර්. කිෂාන්
22. පොල්ගම්පොළ රාළලාගේ චමින්ද අනුරුද්ධ
23. විජයදාස රාජපක්ෂ
24. අනුර සිඩ්නි ජයරත්න
25. සිරිතුංග ජයසූරිය
26. මහින්ද දේවගේ
27. මොහොමඩ් ඉල්ලයාස්
28. ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ
29. ඇන්ටනි වික්ටර් පෙරේරා
30. කීර්ති වික්‍රමරත්න
31. සජිත් ප්‍රේමදාස
32. රනිල් වික්‍රමසිංහ
33. මරක්කලමානගේ ප්‍රේමසිරි
34. ලලිත් ද සිල්වා
35. පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක
36. ඩී.එම්. බණ්ඩාරනායක
37. අනුර කුමාර දිසානායක
38. අගම්පොඩි ප්‍රසංග සුරංජීව අනෝජ් ද සිල්වා
39. අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන්
යන අයයි.