
2024 ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීම අද සිදුකෙරෙනවා.
රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී නාම යෝජනා පත්‍ර අද පෙරවරු 9.00 සිට 11.00 දක්වා පැය දෙකක කාලයක් තුළ භාර ගැනීමට නියමිතයි.
කිසියම් නාමයෝජනා පත්‍රයක් සඳහා විරෝධතාවක් ඇත්නම් එම විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා පෙරවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව පවතිනවා.
නාමයෝජනා පත්‍ර ලැබුණු විගස ඒවා දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කරන අතර එම ප්‍රදර්ශනය කර ඇති නාමයෝජනා සඳහා ඕනෑම පුද්ගලයෙකුට විරෝධතා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
මෙවර ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් භාරගැනීමේ කාලය ඊයේ දහවල් 12.00න් අවසන් වූ අතර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබුණා.
නාමයෝජනා පත්‍ර භාරගැනීම වෙනුවෙන් මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රය සහ අවට ප්‍රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් අද දිනයේදී ක්‍රියාත්මකයි.