නවීන සන්නිවේදන මාධ්‍ය බිහිවීමට සියවස් ගණනාවකට පෙර පවා මිනිස්සු විවිධ උපක්‍රම මගින් සන්නිවේදනය සිදුකර ගත්හ.ක්‍රමයෙන් සමාජ සම්බන්ධතා සංකීර්ණ වීමත් සමඟ සන්නිවේදනයද කැපී පෙනෙන පෙරළියක් ඇති විය.සන්නිවේදනයට තාක්ෂණය මුසුවීම මෙම පෙරළියේ වැදගත් සංධිස්ථානයකි.මේ ඔස්සේ බිහියෝ ප්‍රථම විද්‍යුත් මාධ්‍ය ලෙස ගුවන්විදුලිය හඳුනාගත හැකිය.
හඬ පදනම් කරගත් තාක්ෂණය හා සබැඳී අතිශය විශ්මයජනක විද්‍යුත් මාධ්‍ය ගුවන් විදුලිය වේ.මෙය ජනමාධ්‍යකි.එනම් එකම අවස්ථාවක විසිරී පැතිරී සිටින විශාල ජන සංඛ්‍යාවකට ආමන්ත්‍රණය කිරීමට ඇති හැකියාවයි.නූතනය වන විට ලෝකය තුළ මාධ්‍ය කෙතරම් දියුණුවුවද අදටත් ලෝකයේ ඇතැම් ප්‍රදේශවල ගුවන් විදුලිය ප්‍රචලිතව පවතින බව විචාරකයන්ගේ මතයයි.ඒ සඳහා විවිධ හේතු බලපායි.ඉතා සරල මෙන්ම හඬ පාදක කරගත් මාධ්‍යයක් වන ගුවන් විදුලි මාධ්‍ය වෙනත් කාර්යයක යෙදෙමින්ද ශ්‍රවණය කළ හැකිවීම සුවිශේෂී ලක්ෂණයකි.
ඕනෑම දේකට ඉතිහාසයක් පවතී .එම නිසා ගුවන්විදුලිමාධ්‍ය කෙසේ ලොවට බිහිවුණේ ද යන්න පිළිබඳව දැන සිටීමද වැදගත්ය.ගුවන් විදුලි මාධ්‍ය බිහිවීමේ මූලාරම්භය 19 වන සියවස තෙක් අතීතයට ඇදී යයි.රැහැන් ඔස්සේ විදුලි සංඥා යැවීම හෙවත් විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණය කිරීම පිළිබඳව අත්හදා බැලීම් කළ සැමුවෙල් එෆ් බී මෝස් මෙහිලා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ අයෙකි.
පසු කාලීනව රැහැනින් තොරව පණිවිඩ හුවමාරු කර ගත හැකි ක්‍රමයක් පිළිබඳව විද්‍යාඥයෝ පර්යේෂණ කළහ.ඒ අනුව විදුලි සංඥා භාවිත කොට එක් ස්ථානයකින් තව ස්ථානයකට රැහැණකින් තොරව පණිවිඩයක් යැවූ ප්‍රථම පුද්ගලයා ඉතාලි ජාතික ගුග්ලිමෝ මාර්කෝනි නමැත්තාය.ටයිටැනික් නමැති නැවේ ගමන් කළ මගීන් රැසකගේ දිවි බේරා ගනු ලැබුවේ මාර්කෝන්ගේ මෙම රැහැන් රහිත විදුලි සංඥා ක්‍රමය ආධාරයෙනි.ඊට අමතරව පළමුවන හා දෙවන ලෝක යුද්ධ සමයේදී මිත්‍ර පාර්ශික රටවල් අතර තොරතුරු හුවමාරු කර ගැනීමටත් මෙම රැහැන් රහිත ක්‍රමය භාවිත කර ඇත.එහෙත් මෙකී සෑම අවස්ථාවකදීම හුවමාරු වූයේ අකුරු හා සංකේත ඇතුළත් පණිවිඩ පමණි.මිනිස් කටහඬ හෝ වෙනත් ශබ්ද ආදිය හුවමාරු කිරීමේ ක්‍රමවේද ඒ වන තුරුත් බිහිවී නොතිබිණි.කල් යාමේදී රැහැන් රහිත සංඥා භාවිතය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය.
මේ අතරතුර අජීවී විද්‍යුත් සංඥාව වෙනුවට කටහඬ හා සංගීතය වැනි සජීවය සංඥා සම්ප්‍රේෂණයට ඇති හැකියාව පිළිබඳ නිරතුරුවම අත්හදා බැලීම සිදුවිය.එම පර්යේෂණවල ප්‍රතිඵලයක් වශයෙන් වර්ෂ 1916 වන විට ප්‍රථම ගුවන් ඉදිරි පණිවිඩය ප්‍රචාරය කර ගැනීමට හැකි විය.මුල් අවධියේ ගුවන් විදුලියන්ත්‍රය 'යුගයේ ආශ්චර්ය' යනුවෙන් හැඳින්විණ.පසුකාලීනව ට්‍රාන්සිස්ටර් ක්‍රමය සොයා ගැනීම හේතුවෙන් ගුවන්විතල යන්ත්‍රය ක්‍රමානයෙන් කුඩා එකක් වූ අතර ක්‍රමයෙන් ඉතා පහසු මිලකට ලබා ගැනීමටද හැකි විය.අද වන විට ගුවන් විදුලි සේවා ජංගම දුරකථනයෙන් පවා ක්‍රියාත්මක වෙයි.
උරේෂා පෙරේරා.