/
/
title icon මානසික පීඩනය
මානසික පීඩනය
Uresha Perera
2 months ago
Share:
මානසික පීඩනය

අප ගෙවන්නේ සිහින පසුපස හඹා යන කාර්‍යබහුල ජීවන රටාවකි.මේ ගෙවෙන ජීවිතේ තුළ විවිධ ආකාරයෙන් මානසික පීඩා ගෙන දෙන ගැටලු අභියෝග ඇති වේ.අප වෙත එල්ල වෙන එම අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙන්නට හැකි නම් සාර්ථක ජීවිතයක් ගෙන යා හැකිය.මෙලෙස තමා වෙත එන විවිධ අභියෝග හමුවේ තමා වෙත එල්ල වෙන අභියෝග දරා ගෙන මානසික පීඩනය අවම ලෙස පවත්වාගෙන යන්නට හැකි නම් ඔබ සාර්ථක පුද්ගලයෙකි.මානසික පීඩනය අනෙක් රෝගයන් මෙන් ප්‍රතිකාර කළ සුව කළ හැකි රෝගයක් නොවේ.ඒ සදහා මනසට ප්‍රතිකාර කළ යුතුය.

මානසික පීඩනයක් ඕනෑම අවස්ථාවක ඇති විය හැකි ය.එවැනි තත්ත්වයක් විවිධ හේතු මත ඇති වේ.විභාග , පවුල් ප්‍රශ්න,ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම්,ආර්ථික ප්‍රශ්න,තර්ජනය කිරීම් ,සිත් තැවුල් වැනි හේතු මූලික කොට ගෙන මානසික පීඩනය ඇති වේ.මානසික පීඩනය අවසානයේ මානසික රෝගයක් දක්වා වර්ධනය වන්නට පුළුවන.

ජීවිතේ ඇති වන විවිධ ගැටලු නිසා ඇති වන්නා වූ මානසික පීඩාකාරී තත්ත්වයන්ට බෙහෙත් මගින් පිළියම් කරනවාට වඩා මානසික සුවපත්භාවය ඇති වන විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ කටයුතු කිරීමෙන් මානසික පීඩනය අවම කර ගන්නට පුළුවන.

බොහෝ විට තමන්ගේ සිතෙහි ඇති වන සිතුවිලි පැවසීමට ළගම මිතුරෙක් ,මිතුරියක් සමීප පුද්ගලයෙක් සවන් දෙන්නෙක් තමාට නැති විට පීඩාකාරී තත්ත්වය සමනය කරන්නට අපහසුය.සෑම අයෙකුටම ජීවිතයට සවන් දෙන්නෙක් සිටිය යුතුය .එවිට ජීවිතේ ඇති වන ගැටලුකාරී තත්ත්වයන් අවම කර ගන්නට අවස්ථාව උදා වේ.

උරේෂා පෙරේරා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required