/
/
title icon සමාජය කෙතරම් කුරිරුද සොඳුරිය ..
සමාජය කෙතරම් කුරිරුද සොඳුරිය ..
Uresha Perera
3 months ago
Share:
සමාජය කෙතරම් කුරිරුද සොඳුරිය ..

පසුගිය 2024 අගෝස්තු මස 9 වන දින ඉන්දියාවේ බටහිර බෙංගාලයේ කොල්කටා නගරයෙන් ඇසුණු ඛේදනීය පුවත මේ වන විට සමස්ත ලෝකයේම මිනිස් සිත් සංවේදී කරන්නට හේතු වී ඇත.  ඒ පශ්චාත් උපාධි අභ්‍යාසලාභී වෛද්‍ය Moumita Debnath නම් 31 වියැති සොඳුරු වෛද්‍යතුමියගේ අමානුෂික ඝාතනයයි. තම සේවා වැඩ මුරය අවසන් කරමින් විවේක ගැනීමට යමින් සිටි ඇය නොසිතූ අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වූයේ පසුගිය අගෝස්තු 9 වන දිනයි.ආර්.ජී.කාර් වෛද්‍ය විද්‍යාලයේ රෝහලේ සම්මන්ත්‍රණ ශාලාවක තිබියදී අමානුෂික අයුරින් හානි කර තිබූ ඇගේ නිසල සිරුර සොයා ගන්නට විය.මරණ පරීක්ෂණය හරහා අනාවරණය වූයේ ඇය දරුණු ලිංගික අතවරයකට ලක්ව තිබූ බවයි.මෙය හුදෙක් එක් පුද්ගලයෙකු නොව සාමූහිකව සිදු කළ අමානුෂික ඝාතනයක් බව ද එහිදී අනාවරණය විය.මෙම ඝාතනය හමුවේ පොලිසියට තවදුරටත් නිහඬව සිටීමට නොහැකි වූයේ ඉන්දියාව පුරා පැන නැගුණු විරෝධතා හේතුවෙනි.

මෙම ම්ලේච්ඡ ඝාතනය හමුවේ ඇය වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නට මෙම සිද්ධියට විරෝධය පාමින් ඉන්දියාව පුරා වෛද්‍යවරුන් අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සේවාවලින් ඉවත්ව තිබූ අතර වෛද්‍ය සිසුන්ද යුක්තිය ඉල්ලා විරෝධතාවයක් ආරම්භ කර ඇත.එසේම කල්කටාව අයත් වන බටහිර බෙන්ගාලයේ මහ ඇමැති ධූරය දරන සමස්ත ඉන්දියානු ත්‍රින මුල් කොංග්‍රසයේ නායකා මම්තා බැනර්ජි වෙතට ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවෙන් පරීක්‍ෂණ කඩිනම් කරන ලෙස ඉල්ලමින් ප්‍රබල පීඩනයක් එල්ල වී ඇති බවටද වාර්තා වී ඇත.

මෙම සිද්ධිය මුළු ලෝකයටම විශාල පණිවුඩයක් කියාදෙයි.දේවතාවියන් වඳින, මිථ්‍යා කතාවල සහ ආගම්වල ස්ත්‍රී බලය සමරන රටක යථාර්ථය ඊට හාත්පසින්ම වෙනස් බවට මෙය සාක්ෂි සපයයි.බොහෝ දකුණු ආසියාතික රටවල ඛේදනීය යථාර්ථය මෙයයි.කාන්තා හිංසනය සාමාන්‍යකරණය වෙමින් පැවතීමයි.කාන්තා හිංසනය මුලින් උපුටා දැමීමට වඩා එය විඳ තරාගත යුතු දෙයක් බවට පත් වෙමින් පැවතීම අතිශය ඛේදනීය තත්වයක් බවට පත්ව ඇත.

කාන්තාවකටද නොබියව ජීවත් විය හැකි රටක් ලෝකයක් තැනෙන්නේ කවදාද?කලක් ජීවිතයේ සහ සිනහවේ හඬින් ජීවමානව සිටි ඉන්දියාවේ කොල්කටාව දැන් අහිමිවූ අනාගතයක නිහඬතාවයෙන් දෝංකාර දෙයි.අද මව්මිතාට අත් වුණු ඒ ඉරණම හෙට දින ඔබේ සහෝදරියට ,ඔබේ දියණියට,ඔබේ බිරිඳට අත් වන්නට පුළුවන.තාක්ෂණය අතින් මුළු විශ්වයම නතු කරගත් මිනිසා ආකල්ප අතින් මෙතරම් හීන වන්නේ මන්ද යන්න ප්‍රශ්නයකි.

ජපානයේ 1988 දී සිදු වූ ඛේදවාචකයෙන් පසු මුළු ලොවක් සසල කළ අමානුෂික මරණය මෙයයි.අවසාන වශයෙන් අප අපෙන්ම අසාගත යුතු ප්‍රශ්නය වන්නේ කාන්තාවකට සුරක්ෂිතව ජීවත් වීමට හැකි සුරක්ෂිත පරිසරයක් තැනෙන්නේ කවදාද යන්නයි.

උරේෂා පෙරේරා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required