
2024 ජනාධිපතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට එහි ජාතික සභාව රැස් වී එකඟතාවයකට පැමිණ තිබෙනවා.
කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වූ එහි මහලේකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මෙම තීරණය ප්‍රකාශයට පත්කරනු ලැබුවා.
ඉදිරියේදී ලංකා කම්කරු කොංග්‍රසය සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් අත්සන් කිරීමටද නියමිත බව සඳහන්.