
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමගි ජන බලවේගයේ තවත් මන්ත්‍රීවරුන් 05 දෙනෙකු ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්වනු ඇති බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.
අලුත්ගම පැවති තරුණ සමුළුව අමතමින් ඔහු මේ බව කියා සිටියා.
එහිදී ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 14 දෙනෙකු දැනටමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර ඇති බවයි.