2024 ජනාධිපතිවරණයෙන් තමා ජනාධිපති ධුරයට පත්වූ පසු විධායක ජනාධිපති ධුරය නියත වශයෙන්ම අහෝසි කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
රුවන්වැල්ලේ පැවති ජනරැලියකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේ බොහෝ පිරිසක් විධාාක ජනාධිපති ධුරය අහෝසි කරන බව පැවසුවත් එසේ සිදුනොකළ බවයි.