/
/
title icon
ජනපති වෙන්න හදන අපේක්ෂකයෙකුට ප්‍රචාරණයට වැය කළ හැකි මුදල කෝටි ගණනක්
ජනපති වෙන්න හදන අපේක්ෂකයෙකුට ප්‍රචාරණයට වැය කළ හැකි මුදල කෝටි ගණනක්
Editor
6 months ago
Share:
ජනපති වෙන්න හදන අපේක්ෂකයෙකුට ප්‍රචාරණයට වැය කළ හැකි මුදල කෝටි ගණනක්

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකුට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109ක් ලෙස දක්වමින් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් පත්‍රය ⁣මේ වනවිට නිකුත් කර තිබෙනවා. 

ඒ, 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ තුන්වන වගන්තිය අනුවයි.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකුට සිය මැතිවරණ ප්‍රචාරක වියදම් ලෙස වැය කළ හැකි උපරිම සීමාව රුපියල් එකසිය අසූ හයකෝටි අසූ දෙලක්ෂ 98,586 ක් වනු ඇති.

මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් වියදම් වාර්තාව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර දින 21ක් ඇතුළත මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදිය යුතු බවද එහි දැක්වෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required