ජපානයේ අටවැනි අගමැති ධූරය දරන ෆුමියෝ කිෂිඩා තම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට එල්ල වන චෝදනා හමුවේ පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇත.පසුගිය දිනක ටෝකියෝවල පැවති මාධ්‍ය හමුවකදී එතුමා සදහන් කළේ ඉදිරි සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්ව තරගයට තමන් ඉදිරිපත් නොවන බවත් එහි ජයග්‍රාහකයා අගමැති ධූරයට පත් වන බවත් ය.
2021 වසරේදී ෆුමියෝ මෙම ධූරය සඳහා තේරී පත් වී ඇති අතර මේ වන විට තෙවසරක ධූරකාලයක් හොඹවා ඇත.කෙසේ නමුත් මෙම කාලය තුළදී ජපන් ජනතාවගේ ආදරය දිනා ගත් ශින්සො අබේ ඝාතනය වීම මහත් කැලැලක් එක් කරන්නට විය.එසේම මූල්‍ය වංචා හා දූෂණ එම පක්ෂයට එල්ල වන ප්‍රබල චෝදනා වේ.ඒ හේතුවෙන් ජනතා ප්‍රසාදය 15%ක් පමණ ඉතා අවම මට්ටමකට පැමිණ ඇති බව වාර්තා වේ.
ජපානය මේ වන විට ආර්ථික අවදානමකට මුහුණ දෙමින් සිටී.වයස් ගත ප්‍රජාව ඉහළ යාම මෙම අවදානමට ප්‍රධාන හේතුවක් වී ඇත.රාජ්‍ය හා ආර්ථික විශේෂඥයින් පවසන්නේ ශක්තිමත් සහ නොසැලෙන නායකත්වයක් විශේෂයෙන් අද ජපානයට අවශ්‍ය වන බවයි.
උරේෂා පෙරේරා.