/
/
title icon
තැපැල් ඡන්දයට ආණ්ඩුවේ සේවකයින් හත්ලක්ෂයකට වරම්
තැපැල් ඡන්දයට ආණ්ඩුවේ සේවකයින් හත්ලක්ෂයකට වරම්
Editor
6 months ago
Share:
තැපැල් ඡන්දයට ආණ්ඩුවේ සේවකයින් හත්ලක්ෂයකට වරම්

එළැඹෙන ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් හත්ලක්ෂයකට අධික පිරිසක් සුදුසුකම් ලබා තිබෙනවා.

ඡන්දදායකයින් 736,589ක් තැපැල් ඡන්ද සඳහා අයදුම් කර ඇති අතර, ඉන් 24,268ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ.

එළැඹෙන 26 වැනිදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අදාළ පත්‍රිකා අදාළ ආයතන වෙත යොමුකරන බවයි ඔහු තවදුරටත් පැවසුවේ.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලීසියේ නිලධාරීන් සඳහා සැප්තැම්බර් 4 වැනිදා නියම කර තිබෙනවා.

සෙසු රාජ්‍ය සේවකයින් සඳහා සැප්තැම්බර් මස 5 හා 6 යන දින දෙක තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට වෙන් කර ඇති බව සඳහන්.

එම දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට සැප්තැම්බර් 11 සහ 12 දෙදින ද තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කර ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required