
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ් මහතා සහ අලි සාහීර් මව්ලානා මහතා අමාත්‍ය ධුරවල අද දිවුරුම් දුන්නා.
එහිදී අලි සාහීර් මව්ලානා මහතාට කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය ධුරය ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.
කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වඩිවෙල් සුරේෂ් මහතාව පත්කර තිබෙනවා.
ඔවුන් දෙදෙනා අදාළ පත්වීම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියා.